රත්නපුර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

රත්නපුර යනු ශ්‍රී ලංකාවේ සබරගමු පාළාතේ පළාත් බද අගනුවරයි. එය රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා තිබේ. නුතන නම බිහිවී ඇත්තේ මේම ප්‍රදේශයේ පරම්පරිකව නිශ්පාදනය කල තල් සුකිරි වන හකුරු සදහා වන පෘතුගිසි නම වන රාපඳුර යන වචනයෙන් ඛව සමහරෙක් කියති. නමුත් වඩාත් පිලිගත් මතය වන්නේ එය බිහිවි ඇත්තේ මැණික් යන අදහස ඇති "රත්න" සහ නගරය යන යන අදහස ඇති "පුර" යන වචන එකතුවිමෙන් බවයි. රත්නපුර යන්න ඉංග්‍රිසි භාෂාවේදි Ratnapura සහ Rathnapura ලෙස අක්ෂර විනය්‍යාසය දක්වයි. කොළඹ නගරයට කි.මි 100ක් පමන ගිනිකොනින් පිහිටා ඇති මෙම නගරය දීර්ඝ ඉතිහාසයක් සහිත කර්මාන්තයක් වන ආර්නුල් සහ රතු වැනි අගනා මැණික් වර්ග ලබා දෙන පතල්කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයයි. පතල්කර්මාන්තයට අමතරව මෙම නගරය වී සහ පලතුරු ගොවිතැන සදහා ප්‍රසිද්ධ නගරයකි. මෙම නගරය පුරා විශාල තේ සහ රබර් වගාවන් දැකිය හැක. මේම කලාපයේ තේ පහතරට තේ නමින් හදුන්වයි. රත්නපුර නගරයේ ස්ථාපිත වූ සංචාරක කර්මන්තයක්ද දැකිය හැක. සිංහරාජ වනරක්ෂිතයඋඩවලව ජාතික වනෝද්‍යානයකිතුල්ගල, සහ සිරිපාදය සංචාරකයන් අතර විශේෂයෙන් ජනප්‍රිය ස්ථාන වේ.1901 දි රත්නපුර නගරයේ ජනගහනය 4,084 වන අතර 2001 දි එය 46,309 දක්වා වර්ධනය විය. 2001 දි රත්නපුර දිස්ත්‍රික්කයේ ජනගහනය 1,008,164 විය. ඒයින් 86.42% ක් බෞද්ධ ජනතාවද සහ 9.88% ක් හින්දු ජනතාවද වු අතර අනිත් පිරිස කතෝලික සහ මුස්ලිම් ජනතාව විය.

නගරාධිපති ප්‍රමුඛ මහ නගර සභාවක් මගින් මෙම නගරය පාලනය වේ. මන්ත්‍රණ සභාව ප්‍රසිද්ධ ජන්දයකින් තෙරි පත්වන අතර ආසන සංඛ්‍යාව 15 කි.2006 ප්‍රදේශිය සභා මැතිවරණ සදහා ලියාපදිංචි වු ජන්ද දායකින් සංඛ්‍යාව 29159 විය.

සබරගමු පළාතේ විශාලතම රෝහල වන රත්නපුර මහ රෝහල ශල්‍ය අංශ දෙකක්, වෛද්‍ය අංශ දෙකක්, විකලාංග අංශයක්, ප්‍රසව හා නාරිවේද අංශ දෙකක්, ළමා අංශයක්, උගුරකන නාසය අංශයක්, ස්නායුවේද අංශයක්, රක්තවාත අංශයක්, චර්ම රෝග අංශයක්, මනෝ රෝග අංශයක්, සහ හෘද රෝග අංශයකින් සමන්විතවේ. එය පශ්චාත් උපාධි පුහුණු මධ්‍යස්ථානයක්ද වේයි.සබරගමුව විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය ආරම්භ කිරීම හා සමගාමීව රත්නපුර මහරෝහල ශික්ෂණ ⁣රෝහලක් බවට මේවන විට යාවත්කාලීන කර ඇත.
නගරයේ ජනතාව මැණික් වෙළෙඳාම මත යැපෙති. මැණික් පතල් සුලබව දැකිය හැක. මහා පරිමාන මැණික් වෙළඳූන් බහුතරයක් රත්නපුර නගරයේ සිට ක්‍රියාත්මකවේ. විදේශිය මැණික් වෙළඳූන් සැලකියයුතු සංඛ්‍යාවක් නගරයේ සිටිති. ඔවුන්ගෙන් බහුතරයක් තායි ජාතිකයන් වේ. දිනපතා නගරාසන්න සහ වෙනත් නගර වල මැණික් වෙළඳූන් විශාල සංඛ්‍යාවක් මැණික් ගල් විකිනිමට සහ මිලදි ගැනිමට සදහා නගර මධ්‍යට එකතුවේ. මහා පරිමාන මැණික් වෙළඳූන් ප්‍රදේශිය මැණික් වෙළඳූන් ගෙන් මැණික් ගල් ලබා ගෙන ජාත්‍යන්තර වෙළඳපොලෙහි අලෙවි කරති. සමහර වෙළඳූන් මැණික් මිලදි ගැනිමට නගරයෙන් පිටතට යති. මෙහිදි ආසන්න නගර වන කලවාන,නිවිතිගල බොගවන්තලාව සහ ඇල හැර වැනි නගර විශේෂ වේ. ඉතාම උසස් දියඵ ආර්නුල් තැන්පතූ මැඩගස්කර් වල ලලාකාකා නිම්නයෙන් සොයාගැනිමත් සමග වෙළඳූන් විශාල සංඛ්‍යාවක් මැණික් මිලදි ගැනිමට මැඩගස්කර් බලා රටින් පිටවි යති.
නගරයේ කෘෂිකර්මාන්තයත් හොදින් දියුනුවි ඇත. නගරය පුරා විශාල තේ සහ රබර් වගාවන් දැකිය හැක. නගරය පුරා කුඹුරු සුලභව දැකිය හැකි දසුනක් වුවත් වර්ථමානයේදි බොහෝ ගොවියන් ගොවිතැන අතහැර සාර්ථක මුදල් ඉපැයිමේ මගක් වන මැණික් ගැරිම සදහා යොමුවිම නිසා ගොවිතැන අවිනිශ්චිත අනාගතයකට මුහුනපා ඇත. අඔ සහ පැපොල් වැනි රසවත් පලතුරැ වර්ග ගනනාවක් වෙළඳ බෝග ලෙස වගාකෙරේ.
රත්නපුර, අගනුවර වු කොළඹ හා නැගෙනහිර පාළාතේ කල්මුනේ සම්බන්දකරන ඒ -4 මහාමර්ගයේ පිහිටා ඇත. තවත් මහාමර්ගයක් වු ඒ -8, නගරය ශ්‍රී ලංකාවේ බටහිර වෙරළේ පානදුර හා සම්බන්ධ කරයි. බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවැති කාලයේදි කොළඹ -අවිස්සාවේල්ල -රත්නපුර -ඔපනායක සම්බන්ධ කරමින් 1912දි පටු දුම්රිය මාර්ගයක් ඉදිකරන ලදි. 1976 පසුව එය කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා පමනක් සිමාකරන ලද අතර 2006දී මහාමාර්ගයේ තදබදය අඩු කිරීම සඳහා පළල් දුමිරිය මාර්ගයක් ලෙස ප්‍රතිසංස්කරනය කරන ලදි. කොළඹ රත්නපුර යා කරමින් රුවන්පුර අධිවේගි මාර්ගය ඉදි කිරිමට යෝජිතව 
රත්නපුර ශ්‍රී ලංකාවේ දකුණු බටහිර කොටසේ හෙවත් තෙත් කලාපයේ පිහිටා ඇත. මැයි සිට සැප්තැම්බර් දක්වා කලයේදි නගරයට ප්‍රධාන වශයෙන් නිරිතදිග මෝසම් සුලං මගින් වර්ශාපතනය ලැබේ. වර්ෂයේ ඉතිරි මාස වලදි සංවහන වැසි නිසා සැලකියයුතු වර්ශාපතනයක් ලැබේ. වාර්ශික සමාන්‍ය වර්ශාපතනය මිලිමිටර් 4,000 ත් 5,000 අතර වේ. වාර්ශික සමාන්‍ය උෂ්ණත්වය 24- 35 °C පරාසය තුල විවිධ වේ. අධික ආර්ද්‍රතා මට්ටම් දැකිය හැක. මුහුදු මට්ටමේ සිට මිටර් 21 ක් ඉහලින් මේම නගරය පිහිටා ඇත.
‍‍සංචාරක ආකර්ෂණ
රත්නපුර නගරය ගංවතුරෙන් යටවන කඵ ගං නිම්නයේ පිහිටා ඇත. කඵ ගංගාව හරහා විශාල වේල්ලක් නොමැති නිසා මෙම නගරය මැයි මාසයේදි නිරන්තර ගංවතුර තත්වයන්ට මුහුණපායි. ගංවතුර තත්වය මැඩ පැවැත්විම සදහා යෝජනාක්‍රම කිහිපයක් යෝජනාවී තිබුනද තවමත් ඒවා ක්‍රියාත්මකවී නැත. 2003මැයි මාසයේදි මුහුණ පෑ ගංවතුර තත්වය 1947දි ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබු පසු මුහුණ පෑ විශාලතම ගංවතුර තත්වයයි.
නගරය පුරා සංචාරක ආකර්ෂණ ස්ථාන විශාල සංඛ්‍යාවක් දක්නට ලැබේ. එයින් බහුතරයක් බෞද්ධ පුජනිය ස්ථාන වන අතර එම ප්‍රදේශයේ ජනගහනයෙන් බහුතරයක් බෞද්ධයින් වීම එයට හේතු වී ඇත. අන්‍ය ආගම්වල පුජනිය ස්ථාන කිහිපයක්ද දක්නට ලැබේ. පහත සඳහන් වන්නේ වැදගත් ස්ථාන සඳහා උදාහරණ වේ.
  • ශ්‍රීපාද කන්ද - මිටර් 2243ක් සමනල කන්දේ ශ්‍රී පාදය පිහිටා ඇත. බුදුරජානන් වහන්සේ වැඩමකල අවස්ථාවේදි උන් වහන්සෙගේ ශ්‍රී පතුල එහි සලකුනු කරන ලද බව විශ්වාස කෙරේ. මෙම කන්ද හාස්කම් සහිත ස්ථානයක් ලෙස හදුන්වන අතර බැතිමතුන් කයෙන් සහ වචනයෙන් සංවර විය යුතුයි. රත්නපුර ගිලිමලේ සහ කාර්නිය වතුයාය හරහා ශ්‍රීපාද කදු මුදුනට වැටි ඇති සාම්ප්‍රදායික දුෂ්කර මාර්ගයේ අරම්භක ස්ථානයක්ද වන්නේය. වන්දනාමාන කරන වාරය ඇරඹෙන්නෙ දෙසැම්බර මාසයේ පසලොස්වක පෝය දිනයෙන් වන අතර අප්‍රේල් මාසයේ නිරිතදිග මෝසම් ආරම්භ විමත් සමග එම වාරය අවසන් වේ. අවුරුදු දහස් ගනනක සිට ශ්‍රීපාද කන්ද වන්දනාමාන කරන ස්ථානයකි. මහා පරාක්‍රම බාහු රජතුමා සහ නිශ්ශංකමල්ල රජතුමා විසින් කදු මුදුනට යන මග දිගේ වෙහෙසට පත් වන්දනා මානකරුවන්ට අම්බලම් ඉදිකරන ලදි. අනික් වඩාත් ජනප්‍රිය මග වන්නේ දික් ඔයට සමිපයෙන් ඇති ඩේල් හවුස් වතුයාය හරහා වැටි ඇති මාර්ගයයි.
  • රත්නපුර මහා සමන් දේවාලය - මෙම සිද්ධස්ථානය සමන්දෙවියන් උදෙසා ඉදිකරන ලද්දකි. සමන්දෙවියන් බෞද්ධ දෙවියෙකු වන අතර රත්නපුර අඩවිය භාර දෙවියන් ලෙස සලකයි. පෘතුගිසින් විසින් රත්නපුර යටත් කර ගත්පසුව ඔවුන් විසින් මෙම ස්ථානයේ තිබු පැරණි සිද්ධස්ථානය ඉවත් කර ඔවුන්ගේ පල්ලියක් ඉදිකරන ලදි. සෙංකඩගල රාජධානිය විසින් රත්නපුර නිදහස් කර ගත් පසුව එම පල්ලිය ඉවත් කර වත්මන් සිද්ධස්ථානය ඉදිකරන ලදි. පැරණි සිද්ධස්ථානයේ නටබුන් කිසිවක් වර්ථමානයේදි දක්නට නොලැබුනත් එය හින්දු කෝවිලක ස්වරැපය ගත් බව සදහන්වේ. වර්ථමානයේදි මෙම සිද්ධස්ථානය බෞද්ධයන්ගේ වැදගත් පුජනිය ස්ථානයකි.
  • දිවා ගුහාව (බෞද්ධ) - බුදුරජානන්වහන්සේ ශ්‍රීපාද කන්ද ට වැඩමකල අවස්ථාවේදි උන් වහන්සේ මෙම ස්ථානයේ පන්සියක් භික්ෂුන් වහන්සේලා සමග විවේක සුවයෙන් වැඩ හිටි බව සදහන්වේ. මේය මහාවංශයේ සදහන් වන පරිදි බුදුරජානන්වහන්සේගේ තුන්වන ලංකාගමනයේදි උන් වහන්සේ වැඩමකල ස්ථාන නමයෙන් එකක් වෙයි. මේම ස්ථානයට සමනල කන්ද දිස්වන ආකාරය සහ මේම ගුහාව එකවර පන්සියක් පිරිසකට සිටිය හැකි තරම් විශාලත්වයකින් යුක්ත විම නිසා මෙම ස්ථානය දිවා ගුහාවම බව විස්වාස කරයි. රත්නපුර සිට කිලෝමිටර් 10 ක් පමන කොළඹ දෙසට පිහිටා ඇති කුරුවිට නගරයේ සිට කිලෝමිටර් 5ක් පමන ඇතින් දිවා ගුහාවට ප්‍රවේශය ලබා දෙන සමනල කන්දට වැටි ඇති ඉපැරණි මාර්ගයක් වන ඒරත්න මාර්ගයේ පිහිටා ඇත.
  • දෙල්ගමුව රජ මහා විහාරය
  • පොත්ගුල් විහාරය
  • රත්නපුර ශාන්ත පාවුළු පේදුරු ආසන දෙව්මැදුර (කතෝලික පල්ලිය) - රත්නපුර නගරයට කතෝලිකයන් පැමිණ ඇත්තේ පෘතුගිසි පාලන සමයේදිය. 17 වන ශතවර්ශයේදි කතෝලිකයන් කිහිපදෙනෙකු නගරයේ ජිවත්ව සිට ඇත. එම කතෝලිකයන් ගෙන් බහුතරයක් පෘතුගිසින් සහ ඔවුන් සමග විවාහ වු දේශිය පුද්ගලයන්ගේ දරු මුනුබුරෝ වේති. ඔවුන් විසින් පැරණි බෞද්ධ සිද්ධස්ථානය ඉවත් කර ඔවුන්ගේ පල්ලියක් ඉදිකරන ලද බවට සාක්ෂි දක්නට ලැබේ. සෙංකඩගල රාජධානිය විසින් රත්නපුර නිදහස් කර ගත් පසුව එම පල්ලිය ඉවත් කර න ලදි. වත්මන් පල්ලිය නගරය තුල ප්‍රධාන විදිය අසල පිහිටා ඇත. 17වන ශත වර්ශයේදි සබරගමු පළාතේ ධර්ම ප්‍රචාරක කටයුතු සදහා පැමිණි ශුද්ධවන්ත ජෝසප් වාස් නොහොත් සිලෝන් හි ධර්ම දුතකයාගේ මැදිහත් විමෙන් ඉදිකරන ලද්දකි. 1955 නොවැම්බර් දෙවනිදා සබරගමු පාළාත නායක දේවගැතිවරයෙකුගේ පාලනයට යටත්විමත් සමග මෙම පල්ලිය මහ පල්ලිය බවට පත්විය.
  • සිව කෝවිල(හින්දු)
  • සාන්ත ලුක්ස් පල්ලිය (එංගලන්ත සභාව

  • බෝපත් ඇල්ල - මෙය කොළඹ රත්නපුර අලුත් පාරට සැතපුම් කිහිපයක් ඇතින් කූරුවිට පිහිටා ඇති අතර වාහන වලින් මේම ස්ථානයට පහසුවෙන් ප්‍රවේශ විය හැක. මේය රත්නපුරට දිවයින පුරා සංචාරකයින් ආකර්ශයකර ගැනිමට දායක වේ. දියනැමට සංචාරකයින්ට අවස්ථා ලබාදි ඇති නමුත් ක්ෂණික ගංවතුර තත්ව ඇතිවිමේ අවධානමක් පවති. කොළඹ රත්නපුර අලුත් පාරේ සිට කුරුවිටට සමිපයෙන් ඇති හිග්ගස්හෙනේදි වමට හැරි කිලෝමිටර් දෙකක් පමන යායුතුයි. මෙම දිය ඇල්ල බෝ කොලයක හැඩැති නිසා මේම නම ලැබි ඇත.
  • කටුගස් ඇල්ල - රත්නපුර නගරයේ සිට කිලෝමිටර් තුනක් ඇතින් පිහිටි මහවලවත්තේ පිහිටා ඇති දේශිය ජනතාව අතර ජනප්‍රය දිය ඇල්ලකි.
  • කිරිඳි ඇල්ල - ශ්‍රී ලංකාවේ සත්වේනි උසම දිය ඇල්ලයි. රත්නපුර සිට පැල්මඩුල්ල නගරයට පැමිණ පැල්මඩුල්ල නගරයේ සිට කුට්ටපිටිය මාර්ගය ඔස්සේ කිලෝමිටර් හතරක් පමණ පැමිණිය පසු මාර්ගයේ දකුණු පසු කිරිදි ඇල්ලට යන මාර්ගය හමුවේ.එතැන් සිට මීටර් 500 පමණ ඳුරක් පා ගමනින් ගිය පසු කිරිදි ඇල්ලට ලගා විය හැකිවේ.
  • රජනාව ඇල්ල - මාරපන ගම්මානයේ රත්නපුර කලවාන ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටා ඇත. මේම සුන්දර දර්ශනය ජනප්‍රිය සිංහල චිත්‍රිපට කිහිපයකම දැකිය හැක.
  • මාපලාන ඇල්ල - රත්නපුර පලාබද්දල ප්‍රදේශයේ පිහිටි මෙම දිය ඇල්ල ශ්‍රී ලංකාවේ උසින් 4 වන ස්ථානය හිමි කර ගන්නා අතර රත්නපුර දිස්ත්‍රික්කයේ උසින් වැඩිම දිය ඇල්ලද වේ.
ප්‍රදේශය පුරාවටම මැණික් පතල් බොහෝමයක් දැකිය හැක.විශේෂයෙන් පහත් භුමි වල ඇති කුඹුරු යායවල්වල දැකිය හැක.මේවායේ ගැඹුර මිටර 10-50 අතර වේයි. සවල සහ උණ ශාඛයෙන් සාදන ලද කුඩ වැනි සරල උපකරන පතළ් කැපිම සදහා යොදාගනි. පතලෙන් පස් ඉවත් කර ගෙන ජලයෙන් සෝදයි .එවිට අනෙකුත් ගල්වලට වඩා බර මැණික් ගල් කුඩයේ පතුලේ ඉතුරු වි මඩ සහ කුණු ඉවත් වේ.
ඇහැලේපොල නිලමේ ශ්‍රීලංකාවේ අවසන් රජු වු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කාලයේ සබරගමුවේ දිසාවේ නොහොත් දේශිය පාලකයා විය. දේශිය කෘෂිකර්මාන්තයට සහාය දිමට මොහු විසින් කුඩා ජලාශයක් සහ ඇළක් ඉදිකරනලදි. මේම විරයා විසින් කරන ලද සේවාව අද වුවත් රත්නපුර ප්‍රදේශය පුරා දැකිය හැකි අතර තවමත් එම සේවාවන්ගේ යහපත් ප්‍රතිඵල රත්නපුර ජනතාව භුක්ති විදිති. නගර මධ්යයේ පිහිටා ඇති එතුමාගේ නිවස වර්ථමානයේදි දේශිය කෞතුකාගාර ගොඩනැගිල්ල ලෙස භාවිතා කරයි.

Ratnapura ("City of Gems" in Sinhala and Tamil) is a major city in Sri Lanka. It is the capital city of Sabaragamuwa Province, as well as the Ratnapura District, and is a traditional centre for the Sri Lankan gem trade. It is located on the Kalu Ganga (Black River) in south-central Sri Lanka, some 101 km (63 mi) southeast of the country's capital, Colombo. Ratnapura is also spelled as Rathnapura.
The name 'Ratnapura' is a Sanskrit word meaning "city of gems", from the Sanskrit words pura (town) and ratna (gemstone).[1]Over 2000 years ago, when the first Buddhist monks arrived here from the north eastern provinces of India namely Bodh-Gaya, Varanasi and Pataliputra, they not only brought with them the Buddhist religion, but since their teachings were mainly in Sanskrit and Pali they also influenced the local language. While candy produced from the jaggery palm is traditionally known in this region as ratnapura, it is more likely that the candy was named for the locale rather than vice versa.[2]
It is the centre of a long-established industry of precious stone mining including rubiessapphires, and other gems. Apart from gem mining, the city is known for the production of rice and fruit. Large plantations of tea and rubber surround the city. Tea grown in this region is called low-country tea. There is a well-established tourism industry in Ratnapura. Nearby Sinharaja Forest ReserveUdawalawe National ParkKitulgala, and Adam's Peak are especially popular among tourists.[citation needed]
In 1901, the town of Ratnapura had a population of 4,084, and by 2011, it had increased to 52,170, with BuddhistsHindusChristians and Muslims each constituting a significant portion of the population.
The city is ruled by a municipal council headed by a mayor. The council is elected by popular vote and has 15 seats. There were 29,159 registered voters in the 2006 local authorities elections.Ratnapura hospital, upgraded to a Teaching Hospital in early 2019, is equipped with three surgical units, three medical units, two orthopedic units, three Obstetrics and gynaecology units, two paediatrics units, an ENT unit, a neurology unit, a neurosurgical unit, a rheumatology unit, a urosurgical unit, a nephrology unit with dialysing fascilities, a dermatology unit, a psychiatric unit, an A&E unit, and a cardiology unit. It has theatre fascilities for routine surgeries, and for 24/7 casualties. It also has two ICU units catering 12 ICU beds at the moment. It is also a post graduate training center for surgical and paediatric pg trainees.It was upgraded as a teaching hospital,with the establishment of Medical faculty in Sabaragamuwa university. [3]

The people of the town depends on the gem trade. Gem pits common site in the surrounding area. Most of the large-scale gem businessmen of Sri Lanka operate from Ratnapura. There are considerable numbers of foreign gem traders in the city too who have recognised the value of the gems found there. Among the foreign traders, Thai (Thailand) traders are in the majority. Every day, large number of traders from suburbs and other towns gather in the town centre to sell or buy gemstones. Large-scale merchants collect gemstones from locals and sell them in the international market. Some traders go out of the city to buy gems. This includes neighboring towns like Kalawana, Bogawantalawa, and Ela-era. After the discovery of world-class alluvial sapphire deposits in the valley of Ilakaka in Madagascar, many Ratnapura merchants travel out of the country to Madagascar to buy gems.

The city's agricultural industry is also well developed. Large plantations of tea and rubber surround the town. Although rice fields also used to be a common sight around the town, rice cultivation presently faces an uncertain future in Ratnapura because many farmers are giving up their rice cultivation and switching to gem mining which is a more productive way of earning money. If many farmers give up on agriculture, it would be harder for farmers to harvest enough food for them and to trade in the markets. Many delicious fruits (like mango and papaya) and vegetables are grown as market products.

Ratnapura city is located in the A4 Highway which connects capital Colombo to Kalmunai in the Eastern Province. Another Highway A8 connects the town with Panadura in the western coast of Sri Lanka. During the British occupation of the Island, narrow gauge train track was laid in 1912 connecting Colombo – Avissawella – Ratnapura – Opanayake however line Avissawella onwards removed in 1976. Thus reducing the mode of transportation to road. In 2006, construction started on a new broad gauge railway line to Rathnapura only. In 2014, the government gave approval to the E06 Ruwanpura Expressway which will connect Rathnapura with Sri Lanka's Expressway Network.

Ratnapura features a tropical rainforest climate under the Köppen climate classification. The city is located in the south-western part of Sri Lanka, the so-called wet zone. The town receives rainfall mainly from south-western monsoons from May to September. During the remaining months of the year, there is also considerable precipitation due to convective rains. The average annual precipitation is about 4,000 to 5,000 mm. The average temperature varies from 24 to 35 °C, and there are high humidity levels. The city is 21 m (69 ft) above sea level.
Much of the city of Ratnapura is situated in the flood plain of the Kalu River. As a result, it experiences regular floods, usually during the month of May. There are no large-scale dams upstream on the Kalu to control Spring runoff. Proposals to reduce flood risk in the city have yet to reach the feasibility stage.[4] In May 2003, the town experienced the largest flood since the independence of Sri Lanka from Britain in 1947.

No comments:

Post a Comment