Sunday, July 28, 2019

සමනල කන්ද Sri Pada


සමනල කන්ද Sri Pada 


ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි ප්‍රධාන කඳුවැටියක් වන "සමනල කන්ද" කේතු හැඩැති කන්දකි. උච්චතම ස්ථානයේ උස මීටර 2215 කි. සිරිපා අඩවියේ භූමි ප්‍රමාණය හෙක්ටයාර 22380 ක් පමණ වේ. සිරිපා අඩවිය 1940 ඔක්තෝබර් 25 වැනිදා අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ශ්‍රී ලංකාවේ තෙවන උසම කන්දයි. රත්නපුරය හා නුවරඑළිය යන දිසාවන්ට මැදිව පිහිටා තිබේ. මෙම පූජනීය ස්ථානය සිංහල බෞද්ධයන්ගේ වසර 2500 කට අධික ලිඛීත ඉතිහාස කතා ප්‍රවෘර්තින් තුල මේ පිළිබදව මනාව සදහන් වේ.

ලංකාවෙහි නොඉඳුල් කඳුකර වැසි වනාන්තරය, පිවිසු‌ම් අපහසුතාව හේතුවෙන් වාණිජකරණයට ලක් වී‍මෙන් ආරක්ෂා විය. මෙය ‍ජෛවගෝල රක්ෂිතයක් ‌‍ලෙස ද, ‍ලෝක උරුමයක් ‍ලෙස ද නම්‍‍‍ කොට තිබීම ඒ සඳහා තවත් හේතුවක් විය. ‌
රක්ෂිතයේ ශාක විශේෂ මෙන් ම කෘමීන්, උභයජීවීන්, උරඟයින්, පක්ෂීන් සහ ක්ෂීරපායීන් ඇතුළු ආවේණික ජීවී විශේෂ සඳහා සුරක්ෂිත අභය භූමියකි.
ඝන ශාක වැස්ම හේතුවෙන් යාල වැනි වියලි කලාපීය වනෝද්‍යාන මෙන් වන සතුන් මෙහි දී පහසුවෙන් දැක ගත හැකි නොව්. මෙහි දී අලි දැකගත හැකි . බහුලව ම දැකිය හැකි විශාල ම ක්ෂීරපායි ජීවියා වනුයේ, ශ්‍රී ලංකා අළු වඳුරා යි.
එක් ආශ්වාදජනක සංසිද්ධියක් වනු‌‌‍යේ පක්ෂීන් ‌‍බොහෝ විට ආහාර ‍‍සොයා යාම සඳහා සාමූහික රංචු වශ‌‍යෙන් හැසිරීමට ප්‍රවණතාවයක් දැක්වීම යි. මෙවැනි ‍රංචුවක් ‍‍බොහෝ විට මහ කවුඩා සහ රතු දෙමළිච්චා යන පක්ෂී විශේෂ වලින් සමන්විත වේ. මෙවැනි ‍රංචුවක පෙරමුණ ගන්නා මහ කවුඩා ප්‍රචණ්ඩකාරී පක්ෂියෙකු ලෙස ද රතු දෙමළිච්චා ඝෝෂාකාරී පක්ෂියෙකු ලෙසද ප්‍රචලිත ය. තවද ශ්‍රි පා සමය උදාවීමත් සමගම විවිධාකරයේ සමණලුන් දැකගත හැකි අතර බොහෝ පිරිස් පවසනුයේ සමණලුන් ශ්‍රිපා වන්දනා කරන බවයි.
අද වන විට පොලිතින් වැනි නොදිරන අපද්‍රව්‍ය හා බොහෝ පිරිස් ගේ ක්‍රියා කලාප හේතුවෙන් මෙම පාරසරික පද්ධතිය විනාශ විමට ලක්ව ඇති බව ශ්‍රි පාද සමයේදී දැකගත හැක.
 බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයේ දී, බුදුන්වහන්සේ ලංකාවට තෙවන වරට වැඩම කලේ කැළණියේ නා රජුගේ ආරාධනයක් අනුව ය. එම ගමනේ දී සුමන සමන් දෙවියන් ගේ ආරාධනයෙන් සමනොළ ගිර සිරිපද සළකුණ පිහිටුවන්නට ඇතැයි ‍බෞද්ධයෝ විශ්වාස කරති. ඒ අනුව වන්දනාමාන පූජෝපහාර දක්වති.
සම්බුදු සිරිපා වන්දනා කිරීමට යන සැදැහැවතුන් පසු කළ යුතු ස්ථාන කීපයකි. මකර තොරණ, ශීත ගඟුල, අහස් ගව්ව, හැර මිටි පාන, ඉදිකටුපාන, ගෙත්තම්පාන, ධර්මරාජගල, ගෝන තැන්න, ඇහැතු කණුව, මහගිරි දඹය, සිරිපා මළුව හා සිරිපා පද්මය හා‍ දොලොස් මහේ පහන ආදියයි. සිරිපා මළුවට යන බැතිමත්හු සම්බුඳු සිරිපා වන්දනයෙන් පසු තමන් ගිය වාර ගණන අනුව ඝණ්ටාව නාද කිරීමට මහත් උනන්දුවක් දක්වති. එසේම හිරු සේවය නැරඹීමටද කවුරුත් දක්වන්නේ මහත් උනන්දුවකි.
Adam's Peak is a 2,243 m (7,359 ft) tall conical mountain located in central Sri Lanka. It is well known for the Sri Pada, i.e., "sacred footprint", a 1.8 m (5 ft 11 in) rock formation near the summit, which in Buddhist tradition is held to be the footprint of the Buddha, in Hindu tradition that of Hanuman or Shiva and in some Islamic and Christian tradition that of Adam, or that of St. Thomas.
The mountain is located in the southern reaches of the Central Highlands in the Ratnapura District and Nuwara Eliya district of the Sabaragamuwa Province and Central Province —lying about 40 km northeast of the city of Ratnapura and 32 km southwest of the city of Hatton. The surrounding region is largely forested hills, with no mountain of comparable size nearby. The region along the mountain is a wildlife reserve, housing many species varying from elephants to leopards, and including many endemic species.
Adam's Peak is important as a watershed. The districts to the south and the east of Adam's Peak yield precious stones—emeralds, rubies and sapphires, for which the island has been famous, and which earned for its ancient name of Ratnadvipa.
 Wikipedia details

No comments:

Post a Comment