Sunday, July 28, 2019

සමනල කන්ද Sri Pada


සමනල කන්ද Sri Pada 


ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි ප්‍රධාන කඳුවැටියක් වන "සමනල කන්ද" කේතු හැඩැති කන්දකි. උච්චතම ස්ථානයේ උස මීටර 2215 කි. සිරිපා අඩවියේ භූමි ප්‍රමාණය හෙක්ටයාර 22380 ක් පමණ වේ. සිරිපා අඩවිය 1940 ඔක්තෝබර් 25 වැනිදා අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ශ්‍රී ලංකාවේ තෙවන උසම කන්දයි. රත්නපුරය හා නුවරඑළිය යන දිසාවන්ට මැදිව පිහිටා තිබේ. මෙම පූජනීය ස්ථානය සිංහල බෞද්ධයන්ගේ වසර 2500 කට අධික ලිඛීත ඉතිහාස කතා ප්‍රවෘර්තින් තුල මේ පිළිබදව මනාව සදහන් වේ.

ලංකාවෙහි නොඉඳුල් කඳුකර වැසි වනාන්තරය, පිවිසු‌ම් අපහසුතාව හේතුවෙන් වාණිජකරණයට ලක් වී‍මෙන් ආරක්ෂා විය. මෙය ‍ජෛවගෝල රක්ෂිතයක් ‌‍ලෙස ද, ‍ලෝක උරුමයක් ‍ලෙස ද නම්‍‍‍ කොට තිබීම ඒ සඳහා තවත් හේතුවක් විය. ‌
රක්ෂිතයේ ශාක විශේෂ මෙන් ම කෘමීන්, උභයජීවීන්, උරඟයින්, පක්ෂීන් සහ ක්ෂීරපායීන් ඇතුළු ආවේණික ජීවී විශේෂ සඳහා සුරක්ෂිත අභය භූමියකි.
ඝන ශාක වැස්ම හේතුවෙන් යාල වැනි වියලි කලාපීය වනෝද්‍යාන මෙන් වන සතුන් මෙහි දී පහසුවෙන් දැක ගත හැකි නොව්. මෙහි දී අලි දැකගත හැකි . බහුලව ම දැකිය හැකි විශාල ම ක්ෂීරපායි ජීවියා වනුයේ, ශ්‍රී ලංකා අළු වඳුරා යි.
එක් ආශ්වාදජනක සංසිද්ධියක් වනු‌‌‍යේ පක්ෂීන් ‌‍බොහෝ විට ආහාර ‍‍සොයා යාම සඳහා සාමූහික රංචු වශ‌‍යෙන් හැසිරීමට ප්‍රවණතාවයක් දැක්වීම යි. මෙවැනි ‍රංචුවක් ‍‍බොහෝ විට මහ කවුඩා සහ රතු දෙමළිච්චා යන පක්ෂී විශේෂ වලින් සමන්විත වේ. මෙවැනි ‍රංචුවක පෙරමුණ ගන්නා මහ කවුඩා ප්‍රචණ්ඩකාරී පක්ෂියෙකු ලෙස ද රතු දෙමළිච්චා ඝෝෂාකාරී පක්ෂියෙකු ලෙසද ප්‍රචලිත ය. තවද ශ්‍රි පා සමය උදාවීමත් සමගම විවිධාකරයේ සමණලුන් දැකගත හැකි අතර බොහෝ පිරිස් පවසනුයේ සමණලුන් ශ්‍රිපා වන්දනා කරන බවයි.
අද වන විට පොලිතින් වැනි නොදිරන අපද්‍රව්‍ය හා බොහෝ පිරිස් ගේ ක්‍රියා කලාප හේතුවෙන් මෙම පාරසරික පද්ධතිය විනාශ විමට ලක්ව ඇති බව ශ්‍රි පාද සමයේදී දැකගත හැක.
 බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයේ දී, බුදුන්වහන්සේ ලංකාවට තෙවන වරට වැඩම කලේ කැළණියේ නා රජුගේ ආරාධනයක් අනුව ය. එම ගමනේ දී සුමන සමන් දෙවියන් ගේ ආරාධනයෙන් සමනොළ ගිර සිරිපද සළකුණ පිහිටුවන්නට ඇතැයි ‍බෞද්ධයෝ විශ්වාස කරති. ඒ අනුව වන්දනාමාන පූජෝපහාර දක්වති.
සම්බුදු සිරිපා වන්දනා කිරීමට යන සැදැහැවතුන් පසු කළ යුතු ස්ථාන කීපයකි. මකර තොරණ, ශීත ගඟුල, අහස් ගව්ව, හැර මිටි පාන, ඉදිකටුපාන, ගෙත්තම්පාන, ධර්මරාජගල, ගෝන තැන්න, ඇහැතු කණුව, මහගිරි දඹය, සිරිපා මළුව හා සිරිපා පද්මය හා‍ දොලොස් මහේ පහන ආදියයි. සිරිපා මළුවට යන බැතිමත්හු සම්බුඳු සිරිපා වන්දනයෙන් පසු තමන් ගිය වාර ගණන අනුව ඝණ්ටාව නාද කිරීමට මහත් උනන්දුවක් දක්වති. එසේම හිරු සේවය නැරඹීමටද කවුරුත් දක්වන්නේ මහත් උනන්දුවකි.
Adam's Peak is a 2,243 m (7,359 ft) tall conical mountain located in central Sri Lanka. It is well known for the Sri Pada, i.e., "sacred footprint", a 1.8 m (5 ft 11 in) rock formation near the summit, which in Buddhist tradition is held to be the footprint of the Buddha, in Hindu tradition that of Hanuman or Shiva and in some Islamic and Christian tradition that of Adam, or that of St. Thomas.
The mountain is located in the southern reaches of the Central Highlands in the Ratnapura District and Nuwara Eliya district of the Sabaragamuwa Province and Central Province —lying about 40 km northeast of the city of Ratnapura and 32 km southwest of the city of Hatton. The surrounding region is largely forested hills, with no mountain of comparable size nearby. The region along the mountain is a wildlife reserve, housing many species varying from elephants to leopards, and including many endemic species.
Adam's Peak is important as a watershed. The districts to the south and the east of Adam's Peak yield precious stones—emeralds, rubies and sapphires, for which the island has been famous, and which earned for its ancient name of Ratnadvipa.
 Wikipedia details

Saturday, July 20, 2019

බෝපත් ඇල්ල Bopath Ella

බෝපත් ඇල්ල Bopath Ella


බෝපත් ඇල්ල පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේය. මෙම ඇල්ලේ හැඩය බොහෝ දුරට බෝ පත්‍රයක ස්වරූපයට සමාන හෙයින් මෙම දිය ඇල්ල බෝපත් ඇල්ල නමින් හඳුන්වයි. මෙම දිය ඇල්ල ලංකාවේ සංචාරය කරන සංචාරකයන්ගේ ආකර්ශණය බෙහෙවින් දිනාගත් ස්ථානයක් ලෙස හැඳින්වේ. ප්‍රාදේශිය පුරාවෘත වල සඳහන් අන්දමට බෝපත් ඇල්ලේ නිධානයක් නිදන් කර ඇති බවත් එය ආරක්ෂා කිරීම සඳහා ඒ අසල අවතාර ගැවසෙන බවත් සඳහන්ය.
බෝපත් ඇල්ල පිහිටා තිබෙන්නේ කුරුවිට ප්‍රදේශයේ අඟලවත්ත නම් ගමේය. මෙම ඇල්ල ආසන්න වශයෙන් රත්නපුර නගරයෙන් කි.මී 3ක් ඔබ්බෙන් පිහිටා ඇත.
මෙයට බෝපත් ඇල්ල නම් නම ලැබී ඇත්තේ මෙයටම ආවේණික වූ හැඩය නිසාය. පටු විවරයකින් කඩා හැලෙන පළමු දියකඳ පසුව පුළුල් වන අතර මෙය බැලූ බැල්මට බෝපත්‍රයක හැඩය සිහියට නංවයි. හුදෙක් බෝගස බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත්වූ වෘක්ෂයකි. එහෙයින් මෙම ඇල්ලටද එම පූජනීයත්වයම හිමිවී ඇත. දිය ඇල්ල ජෛව විවිධත්වයෙන් පරිපූර්ණ නෑඹුල් වනයකින් වැසී පවතී.
බෝපත් ඇල්ල උසින් මීටර් 30ක් පමණ වේ. කළු ගඟේ අතු ගංගාවක් වන කුරු ගඟෙන් මෙම දිය ඇල්ල පෝෂණය වේ. මෙම දිය ඇල්ල ගලා වැටීමේ සීඝ්‍රතාව තත්පරයට ගන මීටර් හයක් පමණ වන අතර වර්ශයකට සාමාන්‍ය වර්ෂාපතනය මි.මී 5080 පමණ වේ.මෙම දිය ඇල්ලේ ජලය වී ගොවිතැන සඳහා යොදා ගැනේ.
තවද බෝපත් ඇල්ල ලංකාවේ පුළුල් ලෙස අධ්‍යයනයට ලක්වූ ඇල්ලක් ලෙස හැඳින්වේ. බෝපත් ඇල්ල ලංකාවේ ප්‍රධානම සංචාරක පාරාදීසක් වීමට හේතුව අගනගරය වන කොළඹට පහසුවෙන් ලඟාවිය හැකි වීමයි. තවද මෙම ඇල්ල භාවිතයෙන් ජල විදුලිය නිපදවීමේ අසාර්ථක උත්සාහයක නටඹුන්ද දිය ඇල්ල ආසන්නයේ පවතී. දිය ඇල්ලේ පිවිසුම් මාර්ගය දෙපස පිහිටා ඇති කුඩා වෙළඳ කුටි හේතුවෙන් දිය ඇල්ලේ සුන්දරත්වයට තර්ජනයක් එල්ල වී ඇත.
එන පුරාවෘත්ත අනුව රටේ පුරාතන පාලකයන් ස්නානයට දිය ඇල්ල භාවිතා කල බවත්, ඒ අතර තුර මහ සමන් දේවලය වැඳ පුදා ගත් බවත් කියවේ. තවද මෙහි සමන් දෙවියන්ගේ ඇල්ම බැල්ම පවතින ප්‍රදේශයක් ලෙස හැඳින්වේ. එවැනි පුරාවෘත අතර මිත්‍යා විශ්වාසද පවතී. පෙම්වතා අත්හල ගැමි තරුණියක දිය ඇල්ලට පැන දිවිනස ගෙන ඇති අතර ඇයගේ ආත්මය දිය ඇල්ල අවට සැරිසරන බව එක් විශ්වසයකි. තවත් සුප්‍රසිද්ධ විස්වාසයක් වන්නේ පුරාණ නිධානයක් මෙම දිය ඇල්ල තුල සඟවා ඇති බවත් එය ලබා ගැනීමට මිනිස් ජීවිත 1000ක් බිලි දිය යුතු බවත්ය.
Bopath Ella (Sinhala: බෝපත් ඇල්ල) is a waterfall situated in the Ratnapura District of Sri Lanka. It has a shape very similar to the leaf of the Sacred fig or "Bo" tree, which has earned it this name. The waterfall is a major tourist attraction in the country. Local myths say that it is haunted and that it hides a treasure trove.
Bopath Ella is located in a village named Agalwatte in Kuruwita in the Ratnapura District of Sri Lanka.
The name "Bopath Ella" has been given to the waterfall because of its shape. The water flows through a narrow gap in the rocks and then widens, forming the shape of a leaf of a "Bo"[1] tree which is the Sinhalese name for sacred fig (Ficus religiosa). "Path" means leaves of a tree and "Ella" means waterfall. Virgin forests with a rich biodiversity surround the waterfall.[2][3]
Bopath Ella is 30 metres (98 ft) high. It is formed from the Kuru Ganga, which is a tributary of the Kalu Ganga.[1] Its mean rate of flow is 6 square metres (65 sq ft) per second, and its catchment area receives an average rainfall of 5,080 millimetres (200 in) annually. Water from the falls is used for paddy cultivation.[2] Bopath Ella is also the most comprehensively studied waterfall in the country.[4]
Bopath Ella is a major tourist attraction in Sri Lanka, since it is not far from the capital, Colombo, and is easily accessible. There have been unsuccessful attempts to use the waterfall to generate hydroelectricity.[3] The path to the waterfall is lined with a number of shops and stalls, and it is somewhat polluted because of this commercialization.[1]
The waterfall has been used for bathing by ancient rulers of the country when they visited the nearby Maha Saman Devale in Ratnapura. It is also believed that the deity Saman has appeared here.[3]
There are several myths associated with Bopath Ella. One such belief is that a local village girl jumped into the waterfall and killed herself when her lover abandoned her. He was reputedly a pilgrim from Colombo who failed to return to the pregnant girl. The girl's ghost is said to haunt the waterfall, and appears as a blue light. Another popular belief among the locals is that there is an ancient treasure trove hidden in the waterfall, and that one thousand human sacrifices are required to get it.[2]

උපුටා ගැනීම විකිපීඩියා